සිංහලෙන් ටයිප් කිරීම - 03 (Keyman Helabasa භාවිතය)
මගේ කලින් ලිපියෙන් සිංහල යුනිකෝඩ් ගැන විස්තර කලානෙ. ඒ නිසා අද මම හිතුවා keyman helabasa භාවිතයෙන් සිංහල ටයිප් කරන හැටි කියන්න. මගෙ කලින් ලිපි දෙක බැලුවෙ නැත්නම් බලලම ඉන්නකෝ.
01 වෙනි ලිපිය
02 වෙනි ලිපිය
keyman මෘදුකාංගය නම් නොමිලේ දෙන එකක් නොවේ. එය මුදල් දීල ගන්න ඕන. නමුත් දවස් 30 ක් පාවිච්චි කළහැකි අත්හදාබැලීමේ සංස්කරණයක් ඔවුන් විසින් අපට නොමිලේ ලබාදෙනවා. keyman හි අළුත්ම සංස්කරණය තමා 7.1 මෙය ලෝකයේ විවිධ භාෂා සඳහා සහයෝගය දක්වනවා. සිංහලෙන් ටයිප් කිරීමට නම් MyPC HelaBasa 2008 සමඟම ඇති keyman මෘදුකාංගය භාගත කළයුතු වේ. ය මෙතනින් භාගත කළහැක. ඉන්පසු එය ඉන්ස්ටෝල් කරගෙන microsoft word, photoshop වැනි මෘදුකාංග තුළ ඉතා පහසුවෙන් සිංහල ටයිප් කළ හැක. මෙය ලංකාවේ MyPc Computer Systems ආයතනය tavultesoft ආයතනය සමඟ එක්ව කළ මෘදුකාංගයක් වේ. එය ඉන්ස්ටෝල් කරගෙන භාවිතා කරන හැටි පියවරෙන් පියවර විස්තර කිරීම අවශ්‍ය නැතැයි සිතමි. නමුත් ඒ පිළිබඳව යම් ගැටළුවක් ඇත්නම් මෙහි comment එකක් විදියට පළකරන්න. එවිට මං එය විස්තර කරන්නම්.
වින්ඩෝස් 7 හෝ විස්ටා සඳහා සහාය දක්වන්නේ keyman 7 සංස්කරණය පමණි. ඊට පෙර සංස්කරණ වන Keyman 5 හෝ 6 භාවිතා කළ හැක්කේ වින්ඩෝස් XP හා ඊට පෙර ආ වින්ඩෝස් සංස්කරණ වල පමණි.
යුනිකෝඩ් ක්‍රමයට සාපේක්ෂව බලනවිට මෙහි වාසි හා අවාසි දෙකම තිබේ. අපි පළමුවෙන්ම බලමු වාසි මොනවද කියලා. එක් වාසියක් තමා මං කලිං ලිපියේ සඳහන් කළ ෆොන්ට්ස් ගොඩක් තිබීම. (පින්තූරය බලන්න) එනම් graphic designing වැනි කටයුතු වලදී අලංකාර වදන් සැකසුම් වලට මෙය ඉතා වැදගත් වේ. අනෙක් වාසිය තමා මෙය භාවිතයෙන් ටයිප් කළ ලිපියක් හෝ වෙබ් අඩවියක් වෙනත් පරිගණකයකදී කියවීමට ඉන්ස්ටෝල් කළ යුත්තේ එයට අදාළ ෆොන්ට් එක පමණි. මං එහෙම කියන්නේ යුනිකෝඩ් ඉන්ස්ටෝල් කිරීම සමහරු වදයක් සේ සලක නිසා. නමුත් එය අදාළ වෙන්නේ වින්ඩෝස් xp සහ ඊට කලින් ආ වින්ඩෝස් සංස්කරණ වලට පමණි. එය ගැන විස්තරයක් මං කලින් ලිපියේ කීවානෙ.
මෙහි ඇති අනෙක් වාසිය නම් මෙය ඉතා අඩු මුදලකට ගතහැකි වීමයි. එනම් රු. 2000/= ක් වැනි මුදලකට ලබාගතහැකි වීම. මා එහෙම කියන්නේ මං ඊලගට කීමට අදහස් කරගෙන සිටින තිබස් භාවිතය හා සාපේක්ෂව බලල. මොකද තිබස් මෘදුකාංගය මම අහල තියන හැටියට රු. 15,000/= ක් පමණ වෙනවලු. හරියටම දන්නෙ නෑ හොදේ. :)
මෙහි ඇති අවාසි ගැන සඳහන් කරනවානම් යුනිකෝඩ් භාවිතය හා සසඳන විට අවාසි බොහොමයක් පවතී. එකක් නම් මුදල් දී ගැනීමට සිදුවීම. මොකද යුනිකෝඩ් ඉතිං නොමිලේ දෙන එකක්නේ.
අනෙත් එක තමයි මං කලින් ලිපියේ සඳහන් කළ පරිදි මෙය භාවිතයෙන් ටයිප් කළ හැක්කේ වර්ඩ් වැනි මෘදුකාංග තුළ පමණක් වීම. යුනිකෝඩ් වලින් ඉතිං මෙහෙයුම් පද්ධතියේ වුවද ටයිප් කළ හැකියි කියල කලින් ලිපියේ කිව්වනේ.
අනෙත් අවාසිය නම් මෙය භාවිතයෙන් ටයිප් කළ දෙයක් කියවීමට එයට අදාළ ෆොන්ට් එක ඉන්ස්ටෝ කර තිබීම අවශ්‍ය වීම. යුනිකෝඩ් වලදී නම් මොන ෆොන්ට් එකෙන් ටයිප් කලත් එය කියවන පරිගණකයේ යුනිකෝඩ් ඉන්ස්ටෝල් කර තිබේනම් අදාළ ෆොන්ට් එක තිබීම අත්‍යාවශ්‍ය නොවේ. එනම් දැන් සිංහල භාෂාවේ පොදු සම්මතය වශයෙන් ප්‍රචලිත වීගෙන යන්නේ සිංහල යුනිකෝඩ් භාවිතය නිසා හැමෝම වාගේ එයට හුරුවෙමින් පවතී.
ඔන්න ඕව තමා ඉතිං keyman helabasa භාවිතයේ අවාසි. මේ ලිපියත් ටිකක් දිග වැඩි වුන නිසා අනෙත් ක්‍රම දෙක වන තිබස් භාවිතය හා මෘදුකාංගයක උදව්වෙන් තොරව ටයිප් කිරීම යන ක්‍රම දෙක ගැන ඊලග ලිපියෙන්ම කියන්නම්කෝ.
පසුව ලියමි.
keyman 5 සංස්කරණය සමගින් වින්ඩෝස් සියළුම සංස්කරණ තුළදී (වින්ඩෝස් 7 ද ඇතුළුව) පහසුවෙන් සිංහල ටයිප් කළහැකි nidahasa sinhala නමින් වැඩසටහනක් නිමවා ඇත.එය ඔවුන් විසින් නොමිලේ ලබාදෙයි. මේ සබැදියෙන් ගොස් එම ලිපිය කියවා භාගත කරගන්නකෝ. මේ ගැන මට දැනුම් දුන්නේ පහතින් comment කර ඇති අජිත් මංජුල (යූත්මැක්ස්) මහතායි. මේ ගැන මා දැනුවත් කිරීම පිළිබඳව ඔහුට ස්තූතිවන්ත වෙමි.
8 comments:
සත්‍යවශයෙන්ම දැනටමත් යුනිකේත සඳහා යතුරු පුවරුවක් අප විසින් නිමවා ඇතත් එය හෙලබස සමඟ එක්කොට නොමැත්තේ භාවිතයේ ඇති බොහෝ වැඩසටහන් සිංහල යුනිකේත සඳහා හරි හැටි සහයෝග නොකරන හේතුවෙනුයි.
වෙබ් අඩවි සඳහා භාවිත කල හැකි පහත දැක්වෙන පුවරු දෙක දැනටමත් නිකුත්කොට අවසානය.
1. ඔබගේ වෙබ් අඩවියට අන්තර්ගත කල හැකි හෙලබස වෙබ් පුවරැව - මසකට වාර 5000ක් දක්වා නොමිලේ ලබාගත හැක.
2. ඔබගේ පරිගණකයට ඇතුලත් කොට, ඕනෑම වෙබ් අඩවියක සිංහලන් යතුරු කලහැකි හෙලබස වෙබ් බුක්මාක්ලට් එක - සම්පූර්ණයෙන් ම නොමිලේ ලබාගත හැක.
වැඩි විස්තර: http://www.helabasa.com/index.php?page=helabasaweb_eng.tpl
බොහොම ස්තූතියි comment එකට HelaBasa, මාත් මෙය දැනගෙන හිටියේ නෑ. බොහොම ස්තූතියි දැනුවත් කළාට.
Keyman 5 විස්ටා ෙහා් 7 වල භාවිතා කළ හැකියි. මා දැනට කිසිදු ගැටළුවකින් ෙතාරව Keyman 5 මතින් සකස් කර අැති Nidahasa Sinhala යතුරු පුවරුව වින්ෙඩා්ස් 7 හි දී භාවිතා කරනවා.
comment එකට ස්තූතියි යූත්මැක්ස්, ඔබගේ comment එක දැකීමෙන් පසුවද මගේ වින්ඩෝස් 7 සහිත පරිගණකයේ keyman helabasa 5 සංස්කරණය ඉන්ස්ටෝල් කර ටයිප් කිරීමට උත්සාහ කළද එය අසාර්ථක විය. මේ ප්රශ්නය මා keyman helabasa අයිතිකරු වෙත ඊමේල් පණිවිඩයක් මගින් දැනුම් දුන්නෙමි. (ඔබට ද පිටපතක් සහිතව) ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය අනුව මෙම ලිපියේ එය සඳහන් කරන්නම්.
හෙලබස 1 වෙලුම වින්ඩෝස් විස්ටා සහ 7 සමඟ හරියාකාරව ක්‍රියාත්මක නොවේ.
ඕනෑම කෙනෙකුට 25% වට්ටමක් සහිතව හෙලබස 1 වෙලුම හෙලබස 2008 දක්වා upgrade කරගත හැක.
@ Helabasa :- හෙලබස 1 වෙලුම යනුවෙන් ඔබ අදහස් කරන්නේ අප සඳහන් කරන keyman 5 හා 6 සංස්කරණ වලට ආ හෙලබස සංස්කරණය යයි සිතමි. එය එසේ නම් මා මේ ලිපියේ දක්වා කරුණ නිවරැදි වේ.
@ යූත්මැක්ස් :- ඔබගේ comment එකට හෙලබස අයිතිකරුගෙන්ම ප්‍රකාශයක් ලැබී ඇති බව පෙනේ.
හෙලබස ප්‍රථම අනුවාදය නිකුත් කලේ Keyman 6.0 සමඟයි. එය 1.0, 1.1 සහ 1.2 ලෙස අනුවාද තුනකින් නිකුත් විනි.
ඉහත 1 වෙලුම යන්නෙන් මා අදහස් කලේ එම අනුවාද යන්නයි.
හෙලබස 2008 ලෙස නිකුත් කලේ 2.0 අනුවාදයයි. Windows Vista, Server 2003-2008 සහ Windows 7 සමඟ ක්‍රයා කරන්නේ මෙම අනුවාදයි.
Mouse එක භාවිතයෙන් පහසුවෙන් වෙබ් අඩවි තුල යතුරු කල හැකි හෙලබස වෙබ් යතුරු පුවරුව මෙවැනි අඩවි වලට ඒකිරීමෙන් පාඨකයා යමක් ලිවීමට දිරිගැවිය හැකි බව මගේ පෞද්ගලික හැඟීමයි. ඔබේ අඩවියට එය එක් කරන්නේ නම් ඒ ගැන සතුටුයි.මෙකද එය OS Independent යතුරු පුවරුවකි. ඇපල් පරිගනකයකින් වුවද එය ක්‍රියා කල හැකියි.
Thanks a Lot brother... it was so helpful to me ;)
Post a Comment