සිංහලෙන් ටයිප් කිරීම - 02

Friday, September 24, 2010

මගෙ කලින් ලිපියේ දෙවන කොටස තමයි මේ. කලින් ලිපිය කියෙව්වේ නැත්නම් කියවලම ඉන්නකෝ. මං කලින් ලිපියෙන් කිව්වනේ මගේ අත්දැකීම මත සිංහල ටයිප් කරන ක්‍රම 04 ක් ගැන සහ යුනිකෝඩ් ගැනත් පොඩි විස්තරයක් කලානෙ.

යුනිකෝඩ් ක්‍රමයේ ඇති තවත් වාසියක් තමා යුනිකෝඩ් වලින් ටයිප් කළ දෙයක් වින්ඩෝස් 7 හෝ විස්ටා මතදී කියවීමට අවශ්‍ය නම් අමුතුවෙන් යුනිකෝඩ් ඉන්ස්ටෝල් කළයුතු නැත. මොකද විස්ටා සහ 7 වලදී සිංහල, භාෂාවක් ලෙස මෙහෙයුම් පද්ධතිය තුළම Inbuilt කර පැමිණීමයි. එහිදී භාවිතා කර ඇත්තේ යුනිකෝඩ් ක්‍රමයයි.
ඒනිසා යුනිකෝඩ් වලින් ටයිප් කළ දෙයක් කියවීමට 7 වලදී සහ විස්ටා වලදී අමුතුවෙන් යුනිකෝඩ් ඉන්ස්ටෝල් කිරීම අවශ්‍ය නැත. නමුත් සිංහලෙන් ටයිප් කිරීමට අවශ්‍ය නම් විස්ටා වලට නම් Vista Quick Fix සහ 7 වලට Sinhala Tamil IME යන මෘදුකාංග දෙක භාගත කරගෙන ඉන්ස්ටෝල් කළ යුතුවේ.

මා මෙහි පැවසුවේ මා ලැබූ අත්දැකීම් මත මම දැක්ක වාසි කිහිපයකි. ඔබත් මෙහි තව වාසි අත්දැක ඇතිනම් comment එකක් විදියට පළ කරන්න.

අනෙක් ඒවාට සාපේක්ෂව බලද්දී යුනිකෝඩ් ක්‍රමයේ අවාසිත් තියනවා. එක් අවාසියක් තමා වින්ඩෝස් XP සහ ඊට පෙර පැමිණි වින්ඩෝස් සංස්කරණ වලදී සිංහල යුනිකෝඩ් වලට සහාය දැක්වීම ඉතා පහත් මට්ටමක පැවතීමයි. XP වලදී සිංහල යුනිකෝඩ් භාවිතා කිරීමට නම් SinhalaTamilKit_XP මෘදුකාංගය භාගත කරගෙන ඉන්ස්ටෝල් කරගත යුතුවේ. තවතමත් ලංකාව තුළ සිංහල යුනිකෝඩ් ප්‍රචලිත වීමට බාධකයක් වී ඇත්තේ එම හේතුවයි. මොකද තවමත් ලංකාවේ බොහෝ පරිගණකවල දුවන්නේ වින්ඩෝස් XP වේ. උදාහරණයක් ලෙස ගතහොත්, වින්ඩෝස් XP තිබෙන පරිගණකයක් තිබෙන කෙනෙකු සිංහල යුනිකෝඩ් සහිත වෙබ් අඩවියක් බැලීමට විට එහි අකුරු නොපෙනෙන නිසා යුනිකෝඩ් භාගත කරගෙන ඉන්ස්ටෝල් කරගත යුතුවේ. නමුත් එය කරදරකාරි වැඩක් යයි සිතා එය අතහැර දමන ඔහු ඉංග්‍රීසි වෙබ්අඩවි පමණක් කියවීමට පෙළඹේ. නමුත් 7 හෝ විස්ටා සහිත පරිගණකයකින් අර කියූ වෙබ් අඩවියට යන කෙනා එය කියවීමෙන් පසු සිංහල යුනිකෝඩ් වලට හුරුවීමට පටන් ගනී.

අනික XP තුළදී යුනිකෝඩ් ඉන්ස්ටෝල් කළත් එහි පවතින විවිධ අඩුපාඩු නිසා (උදා. අකුරු නිවරැදිව නොපෙනීම, ටයිප් කිරීම්දී ඇති ගැටළු) XP තුළදී සිංහල යුනිකෝඩ් භාවිතය ඉතා කරදරකාරි වේ.

යුනිකෝඩ් වල ඇති අනෙක් අවාසිය තමා යුනිකෝඩ් ක්‍රමයේ ෆොන්ට්ස් කිහිපයක් පමණක් පැවතීම. යුනිකෝඩ් වලින් ටයිප් කල එකක් අලංකාර ෆොන්ට් එකකට මාරු කරගන්න අවශ්‍ය වුවහොත් දැනට ඇත්තේ පහත දැක්වෙන ෆොන්ට්ස් කිහිපය පමණි.

Bhashitha Unicode Fonts
Dinamina Uni Web Font
Malithi Web Font
Potha Unicode Font
Iskola Potha Unicode Font
Kaputa Unicode Font
Kandy Unicode Font

(මෙම සබැදිය ඔස්සේ එම ෆොන්ට් භාගත කළ හැක.)

නමුත් යුනිකෝඩ් වලින් තොරව key man වැනි මෘදුකාංගයක් භාවිතා කරමින් සිංහල ටයිප් කළ විට ඒ සඳහා ෆොන්ට් සිය ගණනක් ඇත. එහි ඉතා අලංකාර ෆොන්ට් වර්ග ඇත.

යුනිකෝඩ් වලින් ටයිප් කළ දෙයක් සාමාන්‍ය ෆොන්ට්ස් වලට මාරුකර ගැනීමට ද ක්‍රමයක් ඇත. එනම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය භාවිතා කිරීමයි. එය භාවිතයෙන් DL-Manel-bold ෆොන්ට් එකට අකුරු ටික මාරුකරගත් පසුව අර මං කලින් කියූ ෆොන්ට් සිය ගණන අතුරින් ඕනෑම එකකට මාරුකළ හැක. නමුත් මෙහි පවතින විශාල අඩුපාඩුවක් වන්නේ පරිවර්තනය වනවිට අකුරු බොහෝ ඒවා වෙනස් වීමයි. එනම් සියයට 15 - 20 අතර අකුරු ප්‍රමාණයක් හරිහැටි පරිවර්තනය නොවේ. (මෙම පින්තූරය බලන්නකෝ) එවිට ඒවා අප නැවත එකින් එක සකස් කළයුතු වේ.

මෙම ලිපියත් ටිකක් දීර්ඝ වැඩිවුනා වගේ. ඒනිසා මෙහි අනෙක් කොටස ඊලග ලිපියෙන් පළකරන්නම්කෝ. මට මෙම ලිපියෙන් කියන්න පුළුවන් වුනේ යුනිකෝඩ් ක්‍රමය ගැන විතරයිනේ. ඊලග ලිපියෙන්වත් keyman helabasa ක්‍රමය කියන්න උත්සාහ කරන්නම්කෝ.

මා මෙහි පළකළේ යුනිකෝඩ් සම්බන්ධව මා ලද අත්දැකීම් වලින් කිහිපයක්. ඔබටත් ඊට අමතරව ඒ සම්බන්ධව අත්දැකීම් ඇතිනම් comment එකක් විදියට පළකරන්නකෝ.

1 comments:

Anonymous said...

"විස්ටා සහ 7 වලදී සිංහල, භාෂාවක් ලෙස මෙහෙයුම් පද්ධතිය තුළම Inbuilt කර පැමිණීමයි."

මෙහෙම තියනවනම්
මචන් කලින් ලිපියේ යුනිකෝඩ් ඩවුලොඩ් කර ගන්න ලබා දී ඇති සයිට් එකේ 7 වලටත් ඩවුන්ලොඩ් කරගන්න තියෙන්නෙ ඇයි.

Post a Comment

 

Copyright © 2011 අමිලගේ අඩවිය | Site developed by Amila Ranasinghe

Powered by: Blogger | Switch to mobile site