සිංහලෙන් ටයිප් කිරීම

Wednesday, September 22, 2010

මං දැන් ලිපි තුනක්ම ලිව්වනේ මගෙ මැක් බුක් එක ගැන. අර මැක්කගෙ කතාන වගේ, ඔයාලා කියය "අපෝ මේ අමිල අන්තිමට කොහෙන් හරි මැක්කටම එන්නේ" කියල. :) :) ඒ නිසා ඔන්න මේ ලිපියෙන් මම කියන්න යන්නේ සිංහල ටයිප් කිරීම ගැන පොඩි විස්තර ටිකක්. ඒ කියන්නේ මගෙ ජීවිතේ සිංහල ටයිපින් ගැන මං ලබපු අත්දැකීම් ටිකක් ඔයාලත් එක්ක බෙදාගන්නයි යන්නෙ.

යුනිකෝඩ් භාවිතයෙන් සිංහල ටයිප් කරන්න ඔයාලා හැමෝම වගේ දන්නවනෙ ඉතිං. මම මේ කියන්න යන්නේ යුනිකෝඩ් ගැන විතරක්ම නෙවේ. මගේ පරිගණක ජීවිතයේ මට මේ වෙනකොට සිංහල ටයිප් කරන ක්‍රම හතරක් විතර දැක තියනවා.


1. යුනිකෝඩ් භාවිතය.
2. Keyman Helabasa භාවිතය.
3. තිබස් මෘදුකාංගය භාවිතය.
4. මෘදුකාංගයක උදව්වෙන් තොරව ටයිප් කිරීම.

මේ ක්‍රම හතරට අමතරව තවත් ක්‍රම තියනවා ඇති. ඔයාල දන්න වෙනත් ක්‍රම තියනවා නම් comment එකක් විදියට මෙතන පළකරන්නකෝ අපිටත් දැනගන්න.

1. යුනිකෝඩ් භාවිතය
මේ ගැන නම් ඉතින් වැඩිය හදුන්වලා දෙන්න ඕන නෑනෙ. ඔයාල හැමෝම වගේ දන්නවනෙ. සිංහල යුනිකෝඩ් බාගත කරන්න මේ සබඳතාවයට යන්න. එයින් ඔබේ මෙහෙයුම් පද්ධතියට ගැලපෙන ගොනුව බාගත කරගෙන ඉන්ස්ටෝල් කළවිට ඉතා පහසුවෙන් යුනිකෝඩ් භාවිතයෙන් සිංහලෙන් ටයිප් කළ හැක. මා හිතන හැටියට දැනට තිබෙන සිංහල ටයිප් කරන ක්‍රම අතරින් දියුණුම, හොදම, ප්‍රයෝජනවත්ම ක්‍රමය වන්නේ මේ යුනිකෝඩ් ක්‍රමයයි. මොකද මා ලද අත්දැකීම් අනුව පහත දැක්වෙන වාසි අනෙක් ඒවාට සාපේක්ෂව බලන කල යුනිකෝඩ් වල ඇත.

  • මෙය දැන් ලෝකයේ පොදු සිංහල ක්‍රමය ලෙස ව්‍යාප්ත වෙමින් පවතින නිසා අන් අය සමඟ හුවමාරු කරගැනීමේදී වෙනදා මෙන් ෆොන්ට්ස් ඉන්ස්ටෝල් කිරීම වැනිදෑ කළ යුතු නොවේ. උදා. බ්ලොග්, වෙබ් අඩවි, ආදිය නිර්මාණය, ලිපි, ඊමේල් යැවීම වැනිදෑ වලදී පොදු සම්මතයක් භාවිතා කිරීමෙන් ගැටළු ඇතිවීම අඩුවේ.
  • මා මෙහි සඳහන් කර ඇති අනිත් ක්‍රම තුනේදී සිංහලෙන් ටයිප් කළ හැක්කේ Microsoft Word වැනි මෘදුකාංග වල පමණි. නමුත් යුනිකෝඩ් වලින් පරිගණකයේ ෆයිල්ස් වල නම් ටයිප් කිරීම වැනි මෙහෙයුම් පද්ධතිය තුළ ටයිප් කරන විටද යුනිකෝඩ් භාවිතයෙන් සිංහලෙන් ටයිප් කළ හැක. (මේ පින්තූරය බලන්න)
  • මා දැකපු අනෙක් වාසිදායකම කරුණ නම් සර්ච් එන්ජින් වලදී සිංහලෙන් ටයිප් කර සර්ච් කිරීමේ හැකියාවයි. මෙහිදී යුනිකෝඩ් වලින් ටයිප් කර ඇති සියළුම වචන සර්ච් රිසල්ට් වලට හසුවේ. (මේ පින්තූරය බලන්න) සිංහලෙන් යම් තොරතුරක් සොයාගැනීමට අවශ්‍ය වූ විට මෙය ඉතා වැදගත් වේ.
මා මෙහි සඳහන් කළේ යුනිකෝඩ් වාසි කිහිපයක් පමණි.

මෙම ලිපිය දීර්ඝ වන නිසා මෙහි ඉතිරි කොටස තවත් ලිපියකින් ඉදිරිපත් කිරීමට පොරොන්දු වෙමින් මෙම ලිපිය අවසන් කරනවා. මෙහි යම්කිසි වැරැද්දක් ඇත්නම් comment එකක් විදියට පළ කරන්න.

0 comments:

Post a Comment

 

Copyright © 2011 අමිලගේ අඩවිය | Site developed by Amila Ranasinghe

Powered by: Blogger | Switch to mobile site