මැක්බුක් එකේ windows 7

Wednesday, September 22, 2010

මගෙ කලින් ලිපියෙන් කිව්වනෙ ebay එකෙන් මැක්බුක් එකට පවර් ඇඩැප්ටර් එක ගත්ත හැටි. අද කියන්න යන්නේ මැක් එකට වින්ඩෝස් 7 දාපු හැටි.

ඔන්න ඉතිං මැක් එකේ වැඩ කරගෙන යනකොට මට ආපු ප්‍රශ්නය තමා mac මෙහෙයුම් පද්ධතියේ වැඩ කරන එක. මොකද අපි ඉතිං ඉස්සර ඉදල වින්ඩෝස් වලට පුරුදු වෙලා එක පාරටම මැක් වලට මාරු වෙන්න අමාරුයිනෙ.අනික මැක් වලට හරියන මෘදුකාංගත් හෙයාගන්න අමාරුයිනෙ. දවසක්අන්තර්ජාලයේ සැරිසරමින් ඉන්නකොට මං දැක්කා මැක් වලට වින්ඩෝස් 7 දාල(ඩුවෙල් බූට්) රන් කරන්න පුළුවන් බව. ඒ ගැන හොයල බලපුවම මට හම්බවුනා මේ ලිපිය. මේ ලිපියේ පියවරෙන් පියවර විස්තර කරල තියෙනවා මැක් එකකට වින්ඩෝස් 7 දාන හැටි. කියවලම බලන්නකෝ. ඒක බලාගෙන තමා මමත් මගෙ මැක් එකට වින්ඩෝස් දැම්මෙ.

Boot Camp කියන මෘදුකාංගය හරහා තමයි මෙය කරන්නේ. මේ වැඩේට Mac මෙහෙයුම් පද්ධතියේ CD එක එහෙමත් ඕන වෙනවා. මොකද වින්ඩෝස් ඉන්ස්ටෝල් කරද්දි Drivers එහෙම ඉන්ස්ටෝල් කරන්න. හාර්ඩ් ඩිස්ක් එකේ වෙනම පාර්ටිෂන් එකක් හදල ඒකට තමා වින්ඩෝස් දාන්න තියෙන්නේ. මෙය කරන හැටි පියවරෙන් පියවර screen shot සහිතව මෙම ලිපියේ විස්තර කරල තියනවා. වින්ඩෝස් දාල ඉවරවෙලා අපිට මොන මෙහෙයුම් පද්ධතියෙන්ද ස්වයංක්‍රීයව පරිගණකය Boot වෙන්නේ කියල තෝරගන්න පුළුවන්. එහෙම නැතිව අනිත් මෙහෙයුම් පද්ධතියෙන් Boot කරගන්න අවශ්‍ය නම් Keyboard එකේ Option බොත්තම තදකරගෙන සිටි විට ලැබෙන වින්ඩෝවෙන් අප කැමති මෙහෙයුම් පද්ධතිය තෝරාගෙන Boot කළ හැක.

මෙන්න තියනවා මගෙ මැක්බුක් එකේ වින්ඩෝස් 7 දාල ගත්ත පින්තූර ටිකක්.
11 12 13

3 comments:

Anonymous said...

අපරාදේ මැක් එක. මැක් එකේ තියෙන සුපිරි බව හදුනා ගන්න බැරි අයට නම් ඉතින් ඇත්තටම අපරාදේ මැක් ලැප් එකක් ගත්තේ. එහි වටිනා කම නොදත් එකේ මෙහෙම එවා කරනවා තමයි.

අමිල නුවන් රණසිංහ said...

:) :) මම මැක් එකෙත් වැඩ කරනවා. මැක් එකේ අගය නොදැන නෙවේ මෙහෙම කලේ. ඔයා කියන කතාව හරි. නමුත් ඉතිං වින්ඩෝස් වලට පුරුදු වෙලා ඉන්න අපිට එකපාරම මැක් වලට යන්නත් අමාරුයිනෙ නේද. ස්තූතියි comment එකට.

Raveen said...

mac thiyeddi windows mokatada. lankawe windows , kanaya nathi waalata panditha kawaiya wage :)

Post a Comment

 

Copyright © 2011 අමිලගේ අඩවිය | Site developed by Amila Ranasinghe

Powered by: Blogger | Switch to mobile site