මගේ පළවෙනි සටහන

Tuesday, September 21, 2010

ඔන්න ඉතින් මමත් හා හා පුරා කියල බ්ලොග් එකක් ආරම්භ කළා. බ්ලොග් එකක් ආරම්භ කරන්න මටත් හිතුනෙ ඉතිං සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය නිසා. මම හැමදාම සින්ඩියෙ තියන සිංහල බ්ලොග් කියවනවා. සිංහල බ්ලොග් ප්‍රචලිත වීම නිසා අපි වගේ අයට විශාල දැනුමක් එයින් ලබාගන්න පුළුවන්. තාක්ෂණය, විනෝදාස්වාදය, පින්තූර, වීඩියෝ, දේශපාලන, ප්‍රවෘත්ති ........... ආදි සෑම විෂයක් සම්බන්ධයෙන්ම වාගේ දැන් සිංහල බ්ලොග් ලියන්නන් රාශියක් සිටින බව සින්ඩිය දිහා බැලුවම අපට පෙනී යනවා. මට මෙහිදී දැනුන ලොකුම වැදගත් දේ තමා සර්ච් එන්ජින් වලින් සිංහලෙන් සර්ච් කිරීමට හැකිවීම.
අපට මොනවා ගැන හෝ දැනගැනීමට අවශ්‍ය වූ විට ඉස්සර නම් කළේ ඉතින් ඉංග්‍රීසියෙන් සර්ච් කිරීම. නමුත් මම නම් දැන් ගොඩක් දේවල් සර්ච් කරන්නේ සිංහලෙන්. :)

බ්ලොග් ගැන කිව්ව මිසක් මම ගැන ටිකක් කියන්න බැරි වුනානේ ඉතිං. මම අමිල නුවන් රණසිංහ. මගේ පාසලේ යාලුවො නම් මට කියන්නේ A. N. කියලා. මම දැනට පොඩි රැකියාවක් කරනවා. මම ඉන්නේ මහනුවර. ඔය ටික තමා ඉතිං මං ගැන කියන්න තියෙන්නේ. මූණු පොතේ (facebook) මගෙ profile එකට ගියොත් ඉතිං මගෙ තවත් දේවල් (මිතුරන්, ඡායාරූප) දැනගන්න පුළුවන්.

මම මේ බ්ලොග් සටහනේ පළකරන්න හිතාගෙන ඉන්නේ පරිගණක ලෝකයේ මම ලැබූ අත්දැකීම් සහ මට ඉගෙන ගන්න ලැබුණ දේවල්. ඒව කියවල තවත් කවුරු හෝ සුළු හෝ ප්‍රයෝජනයක් ගැනීම තමා ඉතිං මගේ සතුට. ඊට අමතරව ඉතිං දෛනිකව මට සිදුවන විවිධ සිද්ධීන්, වල්පල් :) එහෙමත් සඳහන් කරන්න තමා හිතාගෙන ඉන්නේ. (විනෝදාස්වාදය පිණිස)

ඔන්න ඉතිං ඔච්චරයි මගේ පළමු ලිපියේ සඳහන් කරන්න තියෙන්. ඔයාලා හැමෝම මගේ බ්ලොග් එක සමඟ රැදී සිටියි කියලා බලාපොරොත්තු වෙනවා.

0 comments:

Post a Comment

 

Copyright © 2011 අමිලගේ අඩවිය | Site developed by Amila Ranasinghe

Powered by: Blogger | Switch to mobile site