සිංහලෙන් ටයිප් කිරීම - 04 (තිබස් භාවිතය හා මෘදුකාංගයක උදව්වෙන් තොරව ටයිප් කිරීම)

Friday, October 1, 2010

පසුගිය ලිපි තුවෙන් මං කිව්වනේ යුනිකෝඩ් ක්‍රමය හා keyman helabasa භාවිතයෙන් සිංහල ටයිප් කරන හැටි. අද කියන්න යන්නේ තිබස් භාවිතය හා මෘදුකාංගයක උදව්වෙන් තොරව ටයිප් කිරීම ගැනයි. කලින් ලිපි තුන බැලුවේ නැත්නම් බලලම ඉන්නකෝ.

01 වන ලිපිය
02 වන ලිපිය
03 වන ලිපිය


තිබස් කියන්නේත් helabasa වගේම වාණිජ මෘදුකාංගයක්. ඒ කියන්නේ මුදල් දීල ගන්න ඕන මෘදුකාංගයක්. මේක නම් keyman වගේ අත්හදාබැලීමේ සංස්කරණයක්වත් ලබාදෙන්නේ නෑ. මෙමම මෘදුකාංගය මිලදී ගැනීමට අවශ්‍ය නම් 0112574067, 0112574068, 0112575872 යන දුරකථන අංක වලින් Science Land Corporation (pvt) Ltd ආයතනය සම්බන්ධ කරගත යුතුයි. ඔවුන්ගේ වෙබ් ලිපිනය www.scienceland.lk වේ. නමුත් එය ක්‍රියාවිරහිත බවයි පෙනී යන්නේ. ඔවුන්ගේ ඊමේල් ලිපිනය slc@scienceland.lk වේ. එය වැඩ කරනවාදැයි දන්නේ නැහැ.



මෙහි ඇති විශේෂත්වයක් තබා මෙම මෘදුකාංගය භාවිතා කිරීමේදී Dongle එකක් පරිගණකයට සම්බන්ධ කරගෙන භාවිතා කළයුතු වීමයි. එනම් එය සම්බන්ධ කර නොමැති විට මෘදුකාංගය ක්‍රියා නොකිරීමයි. (රූපය බලන්න)
thibus dongle

මෙය ක්‍රියාත්මක කළවිට පහත රූපයේ දිස්වෙන පරිදි button තුනක් දිස්වේ. එහි English සහ sinhala button භාවිතයෙන් ටයිප් කළයුතු භාෂාව වෙනස් කළ හැක.

thibus button



මෙහි ඇති වාසි ගැන සඳහන් කරනවානම් Keyman වල පවතින වාසිම තමා තියෙන්නේ. (එම ලිපිය බලන්න) අවාසි ගැන සඳහන් කරනවා නම් keyman helabasa භාවිතයේ හා සමානම අවාසි පවතී. නමුත් keyman helabasa හා සසදා බලනවිට මෙහි ඇති ප්‍රධාන අවාසියක් තමා මිල අධික වීම. මේ සඳහා තිබස් ෆොන්ට්ස් බොහෝ ගණනක් ඇති නිසා අනෙක් ක්‍රම වලට convert කිරීමේ අවශ්‍යතාවයක් නැති බවයි මට හැගෙන්නේ. නමුත් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය භාවිතයෙන් තිබස් වලින් ටයිප් කළ දෙයක් සිංහල යුනිකෝඩ් ක්‍රමයට පරිවර්තනය කරගත හැක.


මිල අධික බව නිසා බොහෝ අය අතර භාවිතා නොවන මෘදුකාංගයක් නිසා තිබස් භාවිතයෙන් ටයිප් කළ දෙයක් තවත් පරිගණකයකදී කියවා බැලීමට අපහසුවීම මෙහි ඇති තවත් අවාසියකි.

මා සඳහන් කළ සිංහල ටයිල් කිරීමේ අනෙක් ක්‍රමය තමා මෘදුකාංගයක උදව්වෙන් තොරව ටයිප් කිරීම. ඔයාලා බලයි මොකද්ද මේ කියලා. ඇත්තටම කියනවා නම් මෙය ඉතාම පැරණි ක්‍රමයකි. එනම් වින්ඩෝස් 95, වින්ඩෝස් 98 වැනි මෙහෙයුම් පද්ධති ප්‍රචලිතව නොතිබූ කාලේ භාවිතා කළ ක්‍රමයයි. එනම් ඒ කාලේ යුනිකෝඩ්, Keyman, තිබස් වැනි මෘදුකාංග නොමැති කාලේ භාවිතා වුනේ මෙයයි. මෙය ඉතාම නොදියුණු ක්‍රමයක්. නමුත් දැනුදු මා දැක තිබෙනවා ටික දෙනෙක් අලුත් දේවල් ගැන නොදැනුවත් බව නිසා මෙය භාවිතා කරනවා.

sandya font

ඉහත රූපය බලන්න. එහි දැක්වෙන්නේ එම ක්‍රමය භාවිතයෙන් ටයිප් කළ කොටසකි. "මි" සහ "වි" ටයිප් කර ඇති ආකාරය බලන්න. එහිදී යොදාගෙන ඇති ක්‍රමය ඔබට වැටහෙනවා ඇති. එහිදී අකුරු ලින්ක් කිරීමේ ක්‍රමයක් භාවිතා කර නැති බව පෙනී යනවා. මෙම ක්‍රමය භාවිතා කළ හැක්කේ සීමිත ෆොන්ට් ගණනක් භාවිතා කරමිනි. මා මෙහි භාවිතා කර ඇත්තේ Sandya ෆොන්ට් එකයි.

මෙහි ඇති වාසි ගැන සඳහන් කරන්න තරම් දෙයක් නැති තරම්. එකම වාසිය තමා කිසිම මෘදුකාංගයක් ඉන්ස්ටෝල් කිරීමට කරදර නොවීමට සිදුවීමයි. ..... :)

අවාසි ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑනේ. අවාසි බොහෝමයි. මෙම ක්‍රමය භාවිතයෙන් ටයිප් කළ දෙයක් වෙනත් ෆොන්ට් එකකට මාරු කළ නොහැකිවීම එක් අවාසියක් වේ.

ඔන්න ඕව තමා මගේ පරිගණක ජීවිතයේ සිංහල ටයිප් කිරීම සම්බන්ධයෙන් ලද අත්දැකීම් වලින් කියන්න තියෙන්නේ. මීට අමතරව දෙයක් ඔයාල දන්නවානම් comment එකක් විදියට පළ කරන්නකෝ.

2 comments:

chamikara said...

වරදක් කියනවා කියල හිතන්න එපා ඕං මේ පෝස්ට් එක ගැන. සිංහල ටයිප් කරන්න දැන් මච්චර මහන්සි වෙන්න දෙයක් නෑ. ඔන්න දැන් තියනවා යුනිකෝඩ් සිංහල ටයිප් කරන්න මැක්සා සොෆ්ට්වෙයාර් එකක්. එක තමයි realtime singlish. ඒක හැදුවෙ කව්ද කියලනම් මම දන්නෙ නෑ. 48kb විතර පුංචි එකක්. පුලුවන්නම් හොයගන්න.මටත් දුන්නෙ යාලුවෙක්.

අමිල නුවන් රණසිංහ said...

comment එකට ස්තූතියි chamikara, මේ පෝස්ට් එකනම් යුනිකෝඩ් වලට අදාළ නෑ. ඔබ කියන ඔය ක්‍රමයත් හොදයි සිංහල ටයිපින් වලට හුරු නැති අයට. එනම් අකුරු මතක නැති අයට. එහිදී භාවිතා වෙන්නේ විජේසේකර යතුරු පුවරුව නොවේ. singlish ක්‍රමය. නමුත් එයින් වන්නේ කවදාවත් මේ ක්‍රමයට හුරු නොවීම නේද.

Post a Comment

 

Copyright © 2011 අමිලගේ අඩවිය | Site developed by Amila Ranasinghe

Powered by: Blogger | Switch to mobile site