ඡායාරූප සැකසීමේ මෘදුකාංගයක උදව්වෙන් තොරව වින්ඩෝස් තුළදී පහසුවෙන් ඡායාරූප Resize කරගමු.

Wednesday, January 12, 2011

අපිට ගොඩක් අවස්ථා වලදී අවශ්‍ය වන දෙයක් තමා ඡායාරූප Resize කරගැනීම. උදාහරණයක් ලෙස ගත්තොත් අපි Digital Camera එකකින් ගත් ඡායාරූප ඉතා උසස් තත්වයක පවතිනවා නම් බොහෝ වෙලාවට එක් ඡායාරූපයක size එක අඩුම වශයෙන් 7Mb – 15Mb වත් වනවා. මෙවැනි ඡායාරූප කිහිපයක් ඔබේ යහළුවෙකුට ඊමේල් කර යැවීමට සිදුවුවහොත් අප කරන්නේ කුමක්ද? Photoshop වැනි මෘදුකාංගයක් භාවිත කර ඒවායේ size එක අඩු කරගෙන (Documents size) ඊමේල් කිරීම තමා සාමාන්‍යයෙන් කරන්නේ. (උදා. 200 Kb – 900Kb අතර ප්‍රමාණයකට අඩු කරගෙන)

ඊමේල් කරන්න පමණක් නොවේ, ඡායාරූප පරිගණකයකදී කාට හෝ Open කර පෙන්වීමටත් ඒවායේ size එක අඩුකරනවා. මොකද size එක වැඩි වූ විට Open කිරීමේදී ගැටළු ඇතිවන නිසා. PowerPoint presentation එකක් වැනි දෙයකට ඡායාරූප Insert කිරීමට සිදුවූ විටත් එම අවශ්‍යතාව මතුවෙනවා. මොකද විශාල ධාරිතාවයක් ඇති ඡායාරූප එසේ insert කරන්න ගියාම ඇතිවන ගැටළුව ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නෑනේ නේද.

මං අද කියන්න යන්නේ මෙසේ ඡායාරූප resize කරගන්න පුළුවන් ලේසි ක්‍රමයක්. මෙහි තියන එක් වාසියක් තමා ඡායාරූප කිහිපයක් වුවත් එකවර resize කරගැනීමට හැකිවීම. මොකද photoshop වැනි මෘදුකාංගයකින් භාවිත කිරීමේදී ඒවා එකින් එක සකස් කළයුතු වෙනවා. අනිත් වාසිය තමා මේ ක්‍රමයේදී අමුතුවෙන් මෘදුකාංග ඉන්ස්ටෝල් කිරීමට අවශ්‍ය නොවීම. (වින්ඩෝස් තුළදී) මට මේ ක්‍රමය කියල දුන්නෙ මගේ මිතුරු මධුර සේනානායක.

කරන්නේ මෙන්න මෙහෙමයි. මේක කරන්නේ Microsoft Office Picture Manager වලින්. මේක ඉතිං වින්ඩෝස් තියන සෑම පරිගණකයකම Default එන වැඩසටහනක් නිසා අමුතුවෙන් ඉන්ස්ටෝල් කර කර ඉන්න ඕන නෑනේ. ඉස්සසෙල්ලම ඔයාලගේ ඡායාරූප තියන folder එකට ගිහිං එක ඡායාරූපයක් right click කරල open with එකෙන් Microsoft Office Picture Manager හරහා ඡායාරූපය විවෘත කරගන්න. ඊට පස්සෙ View menu එකෙන් Thumbnails තෝරන්න. එවිට ඔබගේ folder එකේ ඇති සියළු ඡායාරූප Thumbnails ආකාරයට පෙනේවි. ඉන්පසු View menu එකෙන් Task Pane තෝරන්න. එවිට දකුණු පැත්තේ task pane එක active වේවි. ඉන්පසු ඡායාරූප වලින් ඔබට resize කිරීමට අවශ්‍ය ඡායාරූප සිලෙක්ට් කරගන්න. (සියල්ල සිලෙක්ට් කිරීමට නම් ctrl + A)

ඉන්පසු task pane එකේ export pictures තෝරන්න. Export selected files to ස්ථානයට resize වී අලුතෙන් files සෑදිය යුතු ස්ථානය ලබාදෙන්න. Original locations තේරුවහොත් තිබෙන ස්ථානයේම create වී original files replace වීමට ඉඩ ඇති බැවින් හැමවිටම වෙනත් ස්ථානයක් ලබාදීමට මතක තබාගන්න.

Export using this size යන ස්ථානයේ ඡායාරූපය create විය යුතු size එක ලබාදෙන්න. මෙහි default එන size පහක් පමණ තිබේ. නැති නම් resize….. මත ක්ලික් කිරීමෙන් ඔබට අවශ්‍ය පරිදි ද size තේරීම කළ හැක. මෙහි ඇති අනෙක් option ගැන ඉතිං විස්තර කරන්න ඕන නෑ කියල හිතෙනවා. සාමාන්‍යයෙන් බලල තේරුම් ගන්න පුලුවන් දේවල්නෙ. (ප්‍රශ්නයක් ආවොත් ඉතිං comment එකක් දාන්නකෝ) අවශ්‍ය තේරීම් කර අවසානයේ Ok කරන්න. එවිට ඔබ ලබාදුන් ස්ථානයේ නව file ටික create වේවි. :)




2 comments:

LionLK said...

Microsoft Office Picture Manager කියන්නෙත් ඉමේජ් ප්‍රොසෙසිං සොෆ්ට්වෙයා එකක් තමයි.

Microsoft Office Picture Manager වින්ඩෝස් එක්ක ඩිෆෝල්ට් එන සොෆ්ට්වෙයාර් එකක් නෙමේ.

අමිල නුවන් රණසිංහ said...

පලවෙනි කාරණේ සමග නම් එකගයි. එනම් Microsoft Office Picture Manager කියන්නෙත් ඉමේජ් ප්‍රොසෙසිං සොෆ්ට්වෙයා එකක් තමයි.

නමුත් මම දන්න විදියට මෙය windows xp සහ windows 7 ඉන්ස්ටෝල් කරද්දිම පැමිණෙන මෘදුකාංගයක්නේ.

Post a Comment

 

Copyright © 2011 අමිලගේ අඩවිය | Site developed by Amila Ranasinghe

Powered by: Blogger | Switch to mobile site