ලංකාව තුළ නොමිලේ sms යවමු.

Friday, November 12, 2010

මේක නම් ටිකක් පරණ කතාවක්. හැමෝම වගේ දන්න දෙයක්. නමුත් තවමත් ඒ ගැන දන්නේ නැති කෙනෙක් මේ ලිපිය බලල ඒකෙන් ප්‍රයෝජනයක් ගනියි කියල හිතෙන නිසා ලියන්න හිතුනා.

www.wow.lk මගින් තමා මේක කරන්න පුළුවන්. Suntel ආයතනයෙන් තමා මේ සේවාව සපයන්නේ. එනම් ලංකාව තුළ සියළුම CSMA දුරකථන, ඩයලොග්, Etisalat, මොබිටෙල් යන මේ ඕනෑම දුරකථන ජාලයකට නොමිලේ sms යවන්න පුළුවන්. මේ සබැදියෙන් ගිහිල්ල රෙජිස්ටර් වෙලා log වෙන්න.
ඊට පස්සෙ අපිට sms යවන්න ඕන අයගේ දුරකථන අංක save කරගන්න. ඊට පස්සෙ අපිට ඒ අංක වලට sms යවන්න පුළුවන්. නමුත් අපිට ඕන තරම් sms යවන්න නම් බැහැ. දවසකට යවන්න පුළුවන් සීමාවක් තියනවා. එනම් සියළුම CDMA දුරකථන, Etisalat හා මොබිටෙල් යන මේවාට දිනකට sms 15 බැගිනුත්, ඩයලොග් දුරකථන වලට දිනකට 05 බැගිනුත් යවන්න පුළුවන්. නොමිලේ යවන්න පුළුවන් නිසා ඒ ටිකත් ඇතිනෙ ඉතිං නේද.



free sms

අවුරුදු කීපයකට කලින් තමා මෙම සේවාව දෙන්න පටන් ගත්තෙ. මම මේ ගැන දැනගත්තේ නම් 2007 වර්ෂයෙදි. මේ වෙබ් අඩවිය නම් ටිකක් slow. load වෙන්න ටිකක් වෙලා යනවා. ඒ නිසා මේ සයිට් එකෙන් sms යවන්න නම් ඉවසීම ඕන වෙනවා.

මේකෙන් sms යවන්න විතරක් නෙවේ sms ලබාගන්න උනත් පුළුවන්. එනම් මෙහි ලියාපදිංචි වූ විට අපටම කියා අංක නවයකින් යුතු දුරකථන අංකයක් ලැබෙනවා. (උදා. 074226532) (මේ මගේ අංකය හොදද) සාමාන්‍ය ජංගම දුරකථනයකින් මේ අංකයට sms කරන්න පුළුවන්. නමුත් මේ අංකයට sms කරන්න පුළුවන් Etisalat හා මොබිටෙල් දුරකථන වලින් පමණයි.

විදේශගතවෙල ඉන්න අයට නම් මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. මොකද ඕනෑම රටක ඉදල අන්තර්ජාලය හරහා මේ සේවාවට log වෙල ලංකාවේ දුරකථන වලට sms කරන්න පුලුවන්නෙ.

ඔන්න ඉතිං ඔයාලත් උත්සාහ කරල බලන්නකෝ.

16 comments:

harsha hettiarachchi | harsha media said...

අපේ අප්පෝ ඕක මං දැනගෙන හිටියේ නැනේ..බොහොම ස්තුති....
http://harshagemathakayan.blogspot.com

චතුවා said...

මමත් අද දැනගත්තේ මේක ගැන.. බොහෝම ස්තූතියි දැනුවත් කලාට අපිවත් මේ ගැන..

Anonymous said...

thankz a lot>>>>>>

Anonymous said...

apita number akak ganne kohomada?kiyala denna karuna karala

Anonymous said...

*** මමත් දැනගෙන හිටියේ නැනේ..බොහොම ස්තූතියි!

අමිල නුවන් රණසිංහ said...

@ Anonymous:-

ඔබ මෙම සේවයට log උන විට, Your wOw Mobile යන කොටසේ ඔබගේ අංකය සඳහන්ව ඇති. ඒක ඔබේ මිතුරන්ට ලබාදෙන්න. ඔබගේ මිතුරා සතුව Etisalat හෝ මොබිටෙල් දුරකථනයක් ඇත්නම් එය sms එවිය හැක.

මේ පින්තූරය බලන්නකෝ. ඒකෙ තියනවා නම්බර් එක තියෙන තැන සටහන් කරල.

http://picasaweb.google.com/lh/photo/_v1u3zyrgXEoIpO4-J8MvCp_KD0vVXPA7uHYW1e0fhY?feat=directlink

ayesha said...

Thankqqqqqq kiyala dunnata mewage deyak........

අමිල නුවන් රණසිංහ said...

@ හුදකලා යාත්‍රිකයා :-

මම දැන් අලුතෙන් account එකක් හදලා sms එකක් යැව්වා. අවුලක් නෑ. sms යනවා. නැවතත් උත්සාහ කරල බලන්න.

Anonymous said...

macho mobitel numbers 2k mama danna tri kara iye.eth ada venaturu eka pending kiyala tamai watenne.dialog numbers nam ewelema active venawa.habai mobiter number ekata msg ekak nam avilla tibuna mehema ekak tri karala tibuna kiyala.meka hari gassaganna hati kiyanna puluwanda.

අමිල නුවන් රණසිංහ said...

මොබිටෙල් හා Etisalat අංක ඇතුලත් කළ විට එම අංක වලට පහත දැක්වෙන පණිවිඩය ලැබෙනවා.

“YOUR WOW ID" trying to send you SMS from Suntel wOw, if you want to receive please reply to this message saying YES, otherwise reply saying NO.”

එවිට එම අංකයෙන් YES ලෙස ටයිප් කර reply කරන්න කියන්න. එවිට එම අංකයට සක්‍රීය වී sms යැවිය හැක.

Anonymous said...

ehema tamai mama kale.eth wade hari giye na.site eke watenne pending kiyalama tamai.mokak hari aulak tiyenawada danne na.plz help

අමිල නුවන් රණසිංහ said...

හ්ම්, මොබිටෙල් අංක ඇතුලත් කරන්න බෑ තමා. still pending. නමුත් ඉස්සර නම් මම මොබිටෙල් අංක ඇතුලත් කළා. පහත දැක්වෙන රූපය බලන්න. නමුත් දැන් බෑ වගේ. රූපයේ දැක්වෙන්නේ මම කලින් ඇතුලත් කරපු මොබිටෙල් අංක

http://picasaweb.google.com/lh/photo/WLeXtR1bpjT4qZrJxW9Knyp_KD0vVXPA7uHYW1e0fhY?feat=directlink

(මෙම url එක copy කරගෙන ඔබේ browser address bar එකේ paste කර enter කරන්න.)

මෙම සේවය දැන් ටිකක් බාල වෙලා වගේ. කොහොමත් කලිං ඉදලම මේකෙ පොඩි පොඩි අවුල් තිබුණා. ඉස්සර මේ සයිට් එක මාර slow. දැන් නම් ටිකක් විතර speed. නමුත් මම දන්න විදියට මේක තමා ලංකාවේ එකම ආයතනය අන්තර්ජාලය හරහා නොමිලේ sms යවන්න පුළුවන්. මොබිටෙල් වලට බැරි උනාට ඩයලොග් හා සියළුම CDMA දුරකථන වලට නම් අපහසුවකින් තොරව sms යවන්න පුළුවන්.

මෙම මොබිටෙල් ගැටළුව ගැන කියල මම ඒ අයට ඊමේල් එකක් දැන් යැව්වා. බලමු ඉතිං පිළිතුරක් ආවොත් මෙහි සඳහන් කරන්නම්.

Anonymous said...

thx.piliturak awoth kiyanna.

dl_movies said...

nice post

අමිල නුවන් රණසිංහ said...

ස්තූතියි dl_movies

මාගේ මෙම ලිපිය elakiri.com හි සාමාජිකයෙක් එහෙම් පිටින්ම copy කර elakiri.com හි thread එකක paste කර ඇත. පහත ලින්ක් එක බලන්න.

http://www.elakiri.com/forum/showthread.php?t=907644

Anonymous said...

tnx a lot

Post a Comment

 

Copyright © 2011 අමිලගේ අඩවිය | Site developed by Amila Ranasinghe

Powered by: Blogger | Switch to mobile site