මගේ කලින් ලිපියෙන් සිංහල යුනිකෝඩ් ගැන විස්තර කලානෙ. ඒ නිසා අද මම හිතුවා keyman helabasa භාවිතයෙන් සිංහල ටයිප් කරන හැටි කියන්න. මගෙ කලින් ලිපි දෙක බැලුවෙ නැත්නම් බලලම ඉන්නකෝ.
01 වෙනි ලිපිය
02 වෙනි ලිපිය
Sunday, September 26, 2010
Friday, September 24, 2010
සිංහලෙන් ටයිප් කිරීම - 02
මගෙ කලින් ලිපියේ දෙවන කොටස තමයි මේ. කලින් ලිපිය කියෙව්වේ නැත්නම් කියවලම ඉන්නකෝ. මං කලින් ලිපියෙන් කිව්වනේ මගේ අත්දැකීම මත සිංහල ටයිප් කරන ක්‍රම 04 ක් ගැන සහ යුනිකෝඩ් ගැනත් පොඩි විස්තරයක් කලානෙ.
යුනිකෝඩ් ක්‍රමයේ ඇති තවත් වාසියක් තමා යුනිකෝඩ් වලින් ටයිප් කළ දෙයක් වින්ඩෝස් 7 හෝ විස්ටා මතදී කියවීමට අවශ්‍ය නම් අමුතුවෙන් යුනිකෝඩ් ඉන්ස්ටෝල් කළයුතු නැත. මොකද විස්ටා සහ 7 වලදී සිංහල, භාෂාවක් ලෙස මෙහෙයුම් පද්ධතිය තුළම Inbuilt කර පැමිණීමයි. එහිදී භාවිතා කර ඇත්තේ යුනිකෝඩ් ක්‍රමයයි.

Wednesday, September 22, 2010
සිංහලෙන් ටයිප් කිරීම
මං දැන් ලිපි තුනක්ම ලිව්වනේ මගෙ මැක් බුක් එක ගැන. අර මැක්කගෙ කතාන වගේ, ඔයාලා කියය "අපෝ මේ අමිල අන්තිමට කොහෙන් හරි මැක්කටම එන්නේ" කියල. :) :) ඒ නිසා ඔන්න මේ ලිපියෙන් මම කියන්න යන්නේ සිංහල ටයිප් කිරීම ගැන පොඩි විස්තර ටිකක්. ඒ කියන්නේ මගෙ ජීවිතේ සිංහල ටයිපින් ගැන මං ලබපු අත්දැකීම් ටිකක් ඔයාලත් එක්ක බෙදාගන්නයි යන්නෙ.
යුනිකෝඩ් භාවිතයෙන් සිංහල ටයිප් කරන්න ඔයාලා හැමෝම වගේ දන්නවනෙ ඉතිං. මම මේ කියන්න යන්නේ යුනිකෝඩ් ගැන විතරක්ම නෙවේ. මගේ පරිගණක ජීවිතයේ මට මේ වෙනකොට සිංහල ටයිප් කරන ක්‍රම හතරක් විතර දැක තියනවා.
යුනිකෝඩ් භාවිතයෙන් සිංහල ටයිප් කරන්න ඔයාලා හැමෝම වගේ දන්නවනෙ ඉතිං. මම මේ කියන්න යන්නේ යුනිකෝඩ් ගැන විතරක්ම නෙවේ. මගේ පරිගණක ජීවිතයේ මට මේ වෙනකොට සිංහල ටයිප් කරන ක්‍රම හතරක් විතර දැක තියනවා.
මැක්බුක් එකේ windows 7
මගෙ කලින් ලිපියෙන් කිව්වනෙ ebay එකෙන් මැක්බුක් එකට පවර් ඇඩැප්ටර් එක ගත්ත හැටි. අද කියන්න යන්නේ මැක් එකට වින්ඩෝස් 7 දාපු හැටි.
ඔන්න ඉතිං මැක් එකේ වැඩ කරගෙන යනකොට මට ආපු ප්‍රශ්නය තමා mac මෙහෙයුම් පද්ධතියේ වැඩ කරන එක. මොකද අපි ඉතිං ඉස්සර ඉදල වින්ඩෝස් වලට පුරුදු වෙලා එක පාරටම මැක් වලට මාරු වෙන්න අමාරුයිනෙ.අනික මැක් වලට හරියන මෘදුකාංගත් හෙයාගන්න අමාරුයිනෙ. දවසක්අන්තර්ජාලයේ සැරිසරමින් ඉන්නකොට මං දැක්කා මැක් වලට වින්ඩෝස් 7 දාල(ඩුවෙල් බූට්) රන් කරන්න පුළුවන් බව.
Tuesday, September 21, 2010
මගේ පළවෙනි සටහන
ඔන්න ඉතින් මමත් හා හා පුරා කියල බ්ලොග් එකක් ආරම්භ කළා. බ්ලොග් එකක් ආරම්භ කරන්න මටත් හිතුනෙ ඉතිං සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය නිසා. මම හැමදාම සින්ඩියෙ තියන සිංහල බ්ලොග් කියවනවා. සිංහල බ්ලොග් ප්‍රචලිත වීම නිසා අපි වගේ අයට විශාල දැනුමක් එයින් ලබාගන්න පුළුවන්. තාක්ෂණය, විනෝදාස්වාදය, පින්තූර, වීඩියෝ, දේශපාලන, ප්‍රවෘත්ති ........... ආදි සෑම විෂයක් සම්බන්ධයෙන්ම වාගේ දැන් සිංහල බ්ලොග් ලියන්නන් රාශියක් සිටින බව සින්ඩිය දිහා බැලුවම අපට පෙනී යනවා. මට මෙහිදී දැනුන ලොකුම වැදගත් දේ තමා සර්ච් එන්ජින් වලින් සිංහලෙන් සර්ච් කිරීමට හැකිවීම.
Subscribe to:
Posts (Atom)