අමිලගේ අඩවිය

Wednesday, January 12, 2011

ඡායාරූප සැකසීමේ මෘදුකාංගයක උදව්වෙන් තොරව වින්ඩෝස් තුළදී පහසුවෙන් ඡායාරූප Resize කරගමු.

අපිට ගොඩක් අවස්ථා වලදී අවශ්‍ය වන දෙයක් තමා ඡායාරූප Resize කරගැනීම. උදාහරණයක් ලෙස ගත්තොත් අපි Digital Camera එකකින් ගත් ඡායාරූප ඉතා උසස් තත්වයක පවතිනවා නම් බොහෝ වෙලාවට එක් ඡායාරූපයක size එක අඩුම වශයෙන් 7Mb – 15Mb වත් වනවා. මෙවැනි ඡායාරූප කිහිපයක් ඔබේ යහළුවෙකුට ඊමේල් කර යැවීමට සිදුවුවහොත් අප කරන්නේ කුමක්ද? Photoshop වැනි මෘදුකාංගයක් භාවිත කර ඒවායේ size එක අඩු කරගෙන (Documents size) ඊමේල් කිරීම තමා සාමාන්‍යයෙන් කරන්නේ. (උදා. 200 Kb – 900Kb අතර ප්‍රමාණයකට අඩු කරගෙන)

ඊමේල් කරන්න පමණක් නොවේ,

Friday, November 12, 2010

ලංකාව තුළ නොමිලේ sms යවමු.

මේක නම් ටිකක් පරණ කතාවක්. හැමෝම වගේ දන්න දෙයක්. නමුත් තවමත් ඒ ගැන දන්නේ නැති කෙනෙක් මේ ලිපිය බලල ඒකෙන් ප්‍රයෝජනයක් ගනියි කියල හිතෙන නිසා ලියන්න හිතුනා.

www.wow.lk මගින් තමා මේක කරන්න පුළුවන්. Suntel ආයතනයෙන් තමා මේ සේවාව සපයන්නේ. එනම් ලංකාව තුළ සියළුම CSMA දුරකථන, ඩයලොග්, Etisalat, මොබිටෙල් යන මේ ඕනෑම දුරකථන ජාලයකට නොමිලේ sms යවන්න පුළුවන්. මේ සබැදියෙන් ගිහිල්ල රෙජිස්ටර් වෙලා log වෙන්න.

Thursday, October 7, 2010

ඉමේජ් එකක ඇති අකුරු text බවට පරිවර්තනය කරගමු

ඔන්න අද මං කියන්න යන්නේ ඉමේජ් එකක (උදා. jepg, gif) ඇති අකුරු ටිකක් කොහොමද text විදියට ගන්නේ කියල. මේක ගොඩක් වැදගත් වෙන්නේ පින්තූරයක් ලෙස තියන ලිපියක් වගේ දෙයක් නැවත ටයිප් කරගැනීමට උවමනා වූ විට. මොකද ඒ ඔක්කොම නැවත ටයිප් කරනවාට වඩා එකවරම text විදියට හරවගන්න තියනවනම් කොයිතරම් ලේසිද.

Friday, October 1, 2010

සිංහලෙන් ටයිප් කිරීම - 04 (තිබස් භාවිතය හා මෘදුකාංගයක උදව්වෙන් තොරව ටයිප් කිරීම)

පසුගිය ලිපි තුවෙන් මං කිව්වනේ යුනිකෝඩ් ක්‍රමය හා keyman helabasa භාවිතයෙන් සිංහල ටයිප් කරන හැටි. අද කියන්න යන්නේ තිබස් භාවිතය හා මෘදුකාංගයක උදව්වෙන් තොරව ටයිප් කිරීම ගැනයි. කලින් ලිපි තුන බැලුවේ නැත්නම් බලලම ඉන්නකෝ.

01 වන ලිපිය
02 වන ලිපිය
03 වන ලිපිය

Sunday, September 26, 2010

සිංහලෙන් ටයිප් කිරීම - 03 (Keyman Helabasa භාවිතය)

මගේ කලින් ලිපියෙන් සිංහල යුනිකෝඩ් ගැන විස්තර කලානෙ. ඒ නිසා අද මම හිතුවා keyman helabasa භාවිතයෙන් සිංහල ටයිප් කරන හැටි කියන්න. මගෙ කලින් ලිපි දෙක බැලුවෙ නැත්නම් බලලම ඉන්නකෝ.

01 වෙනි ලිපිය
02 වෙනි ලිපිය

Friday, September 24, 2010

සිංහලෙන් ටයිප් කිරීම - 02

මගෙ කලින් ලිපියේ දෙවන කොටස තමයි මේ. කලින් ලිපිය කියෙව්වේ නැත්නම් කියවලම ඉන්නකෝ. මං කලින් ලිපියෙන් කිව්වනේ මගේ අත්දැකීම මත සිංහල ටයිප් කරන ක්‍රම 04 ක් ගැන සහ යුනිකෝඩ් ගැනත් පොඩි විස්තරයක් කලානෙ.

යුනිකෝඩ් ක්‍රමයේ ඇති තවත් වාසියක් තමා යුනිකෝඩ් වලින් ටයිප් කළ දෙයක් වින්ඩෝස් 7 හෝ විස්ටා මතදී කියවීමට අවශ්‍ය නම් අමුතුවෙන් යුනිකෝඩ් ඉන්ස්ටෝල් කළයුතු නැත. මොකද විස්ටා සහ 7 වලදී සිංහල, භාෂාවක් ලෙස මෙහෙයුම් පද්ධතිය තුළම Inbuilt කර පැමිණීමයි. එහිදී භාවිතා කර ඇත්තේ යුනිකෝඩ් ක්‍රමයයි.

Wednesday, September 22, 2010

සිංහලෙන් ටයිප් කිරීම

මං දැන් ලිපි තුනක්ම ලිව්වනේ මගෙ මැක් බුක් එක ගැන. අර මැක්කගෙ කතාන වගේ, ඔයාලා කියය "අපෝ මේ අමිල අන්තිමට කොහෙන් හරි මැක්කටම එන්නේ" කියල. :) :) ඒ නිසා ඔන්න මේ ලිපියෙන් මම කියන්න යන්නේ සිංහල ටයිප් කිරීම ගැන පොඩි විස්තර ටිකක්. ඒ කියන්නේ මගෙ ජීවිතේ සිංහල ටයිපින් ගැන මං ලබපු අත්දැකීම් ටිකක් ඔයාලත් එක්ක බෙදාගන්නයි යන්නෙ.

යුනිකෝඩ් භාවිතයෙන් සිංහල ටයිප් කරන්න ඔයාලා හැමෝම වගේ දන්නවනෙ ඉතිං. මම මේ කියන්න යන්නේ යුනිකෝඩ් ගැන විතරක්ම නෙවේ. මගේ පරිගණක ජීවිතයේ මට මේ වෙනකොට සිංහල ටයිප් කරන ක්‍රම හතරක් විතර දැක තියනවා.